මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව වනෝද්‍යානයේ සතුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව සැපයීමේ කටයුතු ආරම්භ කර ඇති බව එහි භාරකරු උත්පල අදාරංග පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවුසර් මඟින් ජලය බෙදාහැරීමට කටයුතු කරන බවයි.