31 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋද්ධමනය මාස 19කට පසුව තනි අගයක මට්ටමට ළඟා වෙයි - ශ්‍රී ලංකා...

උද්ධමනය මාස 19කට පසුව තනි අගයක මට්ටමට ළඟා වෙයි – ශ්‍රී ලංකා මහ බැංකුව

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 ජූලි මාසයේ දී සියයට 6.3ක තනි අගයක මට්ටමට ළගා විය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ වාර්තා වූ සියයට 12.0හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය තවදුරටත් පහළ ගොස් මැදි කාලීනව ඉලක්කගත මට්ටම වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, සැපයුම් අංශයේ වර්ධනයන්, බලශක්ති හා ආහාර උද්ධමනය පහළ යෑම සහ හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද සහාය වේ.