27.8 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගායන ශිල්පිණී උමාරා සිංහවංශ අද (02) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි ඇය කැඳවා ඇත්තේ.

ජාතික ගීය විකෘති කිරීමේ චෝහ්ඩ්නාවට අදාළව විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට ලේකම්වරයා විසින් සිදුකළ දැනුම්දීමට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර විමර්ශනයට පසු අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයාට භාරදී ඉන් අනතුරුව නීතිපති උපදෙස් ලබාගැනීමට නියමිතය.