― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකිරි ගොවියන් ගවයින් සමඟ විරෝධතාවක

කිරි ගොවියන් ගවයින් සමඟ විරෝධතාවක

කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ කිරි ගොවියන් තම ගවයින් ද සමග අද විරෝධතාවයක නිරතවී තිබෙනවා.

විරෝධතාවයේ නිරත කිරි ගොවියන් පැවසූවේ තමන්ගේ කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

වී වගාව හා ගෙවතු වගාවෙන් කෝනාවිල් ප්‍රදේශයේ බහුතරයක් පිරිස ජිවිකාව සරි කරගැනීම හේතුවෙන්, කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට ස්ථානයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

කිරි ගවයින් ඇති කරන පිරිස් වෙත තණකොළ ලබා ගැනීමට ස්ථානයක් වෙන්කර දෙන බවට අවස්ථා ගණනාවකදි බලධාරීන් සඳහන් කළත් එම පොරොන්දු මෙතෙක් ඉටුවී නොමැති බවටයි කිරි ගොවියන් චෝදනා කරන්නේ.

ගොවි ජනතාව වී වගා කළහොත්, ප්‍රදේශයේ කිරි ගොවියන්ට තමන්ගේ ගවයින් මුදා හැරීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් ගවයින්ට තණකොළ කෑමට ස්ථානයක් නොමැති වන බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

එබැවින් කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට ප්‍රදේශයේ ස්ථානයක් වෙන්කර දෙන ලෙසටයි ගවයින් ඇති කරන්න ජනතාව ඉල්ලා සිටින්නේ.

මෙම විරෝධතාවයට එක්වු කිරි ගොවියන් ගවයින්ගේ පිටේ විරෝධතා පුවරු ද එල්ලා විරෝධතාවයේ නිරතව සිටියා.