26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති රනිල් ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළින්ම දිනා තිබෙනවා

ජනපති රනිල් ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළින්ම දිනා තිබෙනවා

වත්මන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇති බවත් දවස් දහයක් තුළ ලෝකයේ ප්‍රබල රටවල් 04ක නායකයන් හා ප්‍රධානීන් මුණගැසීම තුළින් ඒ බව මනාව පිළිඹිබු වන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) ගම්පහ,උඩුගම්පළ පිහිටි කාර්යාලයේදී දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතු වී විනාශයට ගෙන ගිය රට යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ අනාගතය තහවුරු කරමින් තිබෙන බවයි.