29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදේදී රෝගී වූ ධීවරයෙක් නාවික හමුදා සහයෙන් ගොඩබිමට

මුහුදේදී රෝගී වූ ධීවරයෙක් නාවික හමුදා සහයෙන් ගොඩබිමට

හම්බන්තොට සිට නාවික සැතපුම් 20ක් පමණ (කිලෝ මීටර් 37ක්) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

කලමැටිය ධීවර වරායෙන් පසුගිය ජුලි මස 30 වනදා ධීවරයින් 5 දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Warshan Putha 03’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුයි මෙලෙස හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණා. නාවික හමුදාව සඳහන් කළේ ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් රෝගී ධීවරයා සහිත බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කළ බවයි.

පැවති රළු මුහුද හමුවේ දැඩි පරිශ්‍රමයක් යොදා රෝගීවූ ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව ප්‍රථමාධාර ලබා දෙමින් ඊයේ (01) දින හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.