26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරැඳවියන්ගේ ආහාර සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 5.5ක්

රැඳවියන්ගේ ආහාර සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 5.5ක්

මෙරට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය කාලයේ මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 29,000 ක් දක්වා ඉහළ ගිය බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ.

එය මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් දෙගුණයක් වන අතර බන්ධනාගාර තදබදය අවම කිරීමට ගන්නා පියවරක් ලෙස වසර 20 කට වඩා කාලයක් දඬුවම් විඳින රැඳවියන් බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජප්ක්ෂ පැවසීය.

එමෙන්ම බන්ධනාගාර රැඳවින්ගේ ආහාර සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 5.5ක් වැයවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.