26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගම රියැදුරන්ගේ වැරදි ලේඛනගත කිරීමේ තීරණයක්

ලංගම රියැදුරන්ගේ වැරදි ලේඛනගත කිරීමේ තීරණයක්

අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම සඳහා ලංගම රියැදුරන් සිදුකරනු ලබන වැරදි ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ යටතේ ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වා දීමට නියමිත බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා පැවසුවේ.

මෑත කාලයේ ලංගම බස් අනතුරට ලක්වීම් සළකා බලා මේ තීරණයට එළඹි බවත් මෙම අනතුරු හේතුවෙන් වර්ෂයකට ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 30 – 40 කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීම් සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.