29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලඳු කැලෑවකින් නිරුවත් මළ සිරුරක් හමුවෙයි

ලඳු කැලෑවකින් නිරුවත් මළ සිරුරක් හමුවෙයි

කඩුවෙල වැවපාර ආසන්නයේ ලඳු කැලෑවක් තුළ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුවූ වී තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 30 ත් 40ත් අතර වයසක පසුවන්නෙක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම පුද්ගලයාගේ සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැක කළ සැකකළ හැකි සලකුණු දකින්නට ලැබෙන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතයි.

මළසිරුර ආසන්නයේ තිබී ජංගම දුරකථන දෙකක් ද සොයාගෙන තිබෙනවා.