28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව මිස වෙනත් විකල්පයක් නැහැ

විදුලි කප්පාදුව මිස වෙනත් විකල්පයක් නැහැ

පවතින වියළි කාලගුණ තත්ත්වය ඉතා දරුණු ලෙස දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම හේතුවෙන් නුදුරේදීම යළිත් විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බව ලංවිම ඉංජිනේරුවෝ පවසනවා.

සමනළ වැව ජලාශයෙන් ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීම නිසා දකුණු පළාතට දිනකට පැය 4 ක් විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය දිනෙන් දින අඩුවෙමින් තිබෙන නිසා බව ද ඔවුන් පවසයි.

පෞද්ගලික ඩීසල් බලාගාර හා අනෙක් සියලු බලාගාරවලින් විදුලිය ලබාගනිමින් පැය විසිහතර පුරා අඛණ්ඩව විදුලිය ලබාදෙන පසුබිමක් තුළ ඉන්ධන මගින් රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම නිසා මෙම වසරේ ලංවිම පාඩුව රුපියල් කෝටි පන්සියයේ සීමාව ඉක්මවා යන බව ද ඉංජිනේරුවෝ කියා සිටිති. මේ හේතුවෙන් පවතින නියඟය නිසා විදුලි කපාහැරීම මිස වෙනත් විකල්පයක් නැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.