28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews13 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

13 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ රජයේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙම යෝජනා ඉදිරිපත් කරන අතර එහිදි පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතය.

13 වැනි සංශොධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.

උතුරු නැඟෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළව හොඳම යෝජනාවලිය තමා ඉදිරිපත් කරන බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පෙර අවධාරණය කළා.

ජනාධිපතිවරයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂවල එක මතයක් නැති වීම ජනාධිපතිවරයාගේ කටයුත්තට බාධාවක් වී අතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.