29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකඩුවෙල සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

කඩුවෙල සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ද ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව නින්ද හේන පසිඳු චාමර මධුශංක නමැත්තෙකි. දෙපාර්ශ්වයක් අතර පැවැති ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවද එම තරුණයාව පැහැරගෙන ගොස් මුල්ලේරියාව ප්‍රදේශයේදී පහරදී ඝාතනය කර ත්‍රීරෝද රථයකින් කඩුවෙල ඉහත කී ප්‍රදේශයේදී දමාගොස් ඇති බවත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශයේදීය. අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් 36,46 සහ 47 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.