― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාවින්ද ජයවර්ධනට මරණ තර්ජන

කාවින්ද ජයවර්ධනට මරණ තර්ජන

ඖෂධ ගැටලුව පිළිබඳ හෙළි කළ මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට මෙම ඖෂධ මාෆියාවට සම්බන්ධ පුද්ගලයන් ජීවිත තර්ජන එල්ල කර ඇති බවත් එම තර්ජන සිදු කරන පුද්ගලයන්ගේ නම් හෙළි කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (02) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“සොරකම් පිළිබඳ හෙළි කළාම ඒ කරන උදවියගේ ප්‍රතිචාරය මේකනම් අපි ප්‍රධාන විපක්ෂය ලෙස ඒ මැර තර්ජන කරන අයගේ නම් ටික රටට හෙළි කරනවා. ඒ හොරකම් හෙළිකරන් යනකොට තමයි ඔවුන් මේවා කියන්නේ. මේ සම්බන්ධව අපි ක්‍රියාමාර්ග කිහිපයක් අරන් තිබෙනවා. එකක් තමයි අපි ලෝක සෞඛ්‍ය සංවිධානයමේ ගැන දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අපි අල්ලස් හෝ දූෂණ එකට ගිහින් පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගේනවා.

ආණ්ඩු පක්ෂයේ විශාල මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මේ විශ්වාස භංගයට ඡන්දය දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ආණ්ඩුව කඩා වැටීමේ පළවෙනි පියවර ලෙස අපි මේක දකිනවා. ආණ්ඩුව ඡන්ද 134ක් ගත්තා ජනාධිපති පත් කරන්න. අපි පැහැදිලිව කියනවා මේ විශ්වාස භංගයේදී ඒ 134 ලැබෙන්නේ නෑ. අද වන විට බෙහෙත් වර්ග 160ක් හදිසි මිලදී ගැනීම් සිදු කරන්න යනවා. ඇයි මේ හදිසි මිලදී ගැනීම් කරන්නේ? එහිදී මිල කී ගුණයක් වැඩියෙන් ගෙවනවාද කියලා අපේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා.”