27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේටයේදී එල්ලා මැරූ ලාංකිකයාගේ දේහය බෙදාගන්න කාන්තාවන් තිදෙනෙක්

කුවේටයේදී එල්ලා මැරූ ලාංකිකයාගේ දේහය බෙදාගන්න කාන්තාවන් තිදෙනෙක්

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කුවේට්හිදී එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයෙකුගේ දේහය බාර ගැනීමට ඔහුගේ බිරින්දෑවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනෙකු ඉදිරිපත් වී තිබේ.

ඔහුගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ (02) සිදුකිරීමට පියවර ගනු ලැබූ අතර එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අදාළ දේහය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද (03) දිනය දක්වා කල්දැමීමට රෝහල් බලධාරීන් පියවර ගත්තේය.

මෙලෙස ඉදිරිපත්වී ඇති කාන්තාවන් තිදෙනාගෙන් එක් තැනැත්තියක් ඕමානයේ රැකියාවේ නියුතු තැනැත්තියක් වන අතර ඇය සඳහන් කර ඇත්තේ ඔහු සමග විවාහ වී වසර 17ක් පමණ වන බවත් ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත්ය.

කෙසේවෙතත් මියගිය අයගේ බිරින්දෑවරුන් කියන අයගේ අනන්‍යතාව තහවරු කර විවාහ සහතිකය සහ දරුවන්ගේ උප්පැන්න සහතික සමග පරීක්ෂා කර අද ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.