― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය වාහන සේදීම, මල් ඇතුළු පැළවලට යෙදීමට භාවිත නොකරන ලෙසත් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සාමූහික සැලසුම්) ලසන්ත වීරසේකර සඳහන් කළේ ජල මූලාශ්‍රවල ජල ප්‍රමාණය වියළි කාලගුණයත් සමග ක්‍රමයෙන් අඩුවන බැවින් පානීය ජලය බෙදාහැරීමේදී ගැටලුවක් ඇති නොවීම සඳහා මහවැලි, වාරිමාර්ග අංශ සමග සාකච්ඡා කර ජලය සපයාගෙන ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.

එමෙන්ම මේ වනතෙක් පානීය ජලය සැපයීම සම්බන්ධයෙන් විශාල ගැටලු තත්ත්වයක් තවමත් ඇතිවී නොමැති බව පැවසූ ඔහු අවධාරණය කළේ ස්නානය කිරීම ආදී කටයුතුවලදී වතුර මල් (ෂවර්) හෝ නිවස ආසන්නයේ ගංගා, ඇළ දොළ ඇත්නම් එම ස්ථාන භාවිත කිරීම නිසා පානීය ජලය පිරිමසා ගතහැකි බවයි.