26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමා තිබෙනවා. ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇති අතර පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවෙයි. කෙසේවෙතත් සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බව සඳහන්ය.

අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වූ ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ.

0 – 5 ඒකකයක් රුපියල් 60
මාසික ගාස්තුව රුපියල් 300

6 -10 ඒකකයක් රුපියල් 80
මාසික ගාස්තුව රුපියල් 300

11 – 15 ඒකකයක් රුපියල් 100
මාසික ගාස්තුව රුපියල් 300

16 – 20 ඒකකයක් රුපියල් 110
මාසික ගාස්තුව රුපියල් 400

21 – 25 ඒකකයක් රුපියල් 130
මාසික ගාස්තුව රුපියල් 500

පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.