27.2 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික ගීය ගැන CIDයට තවත් පැමිණිල්ලක්

ජාතික ගීය ගැන CIDයට තවත් පැමිණිල්ලක්

පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උළෙලේදී ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ජාතික ගීය ගායනා කළ ආකාරය උපයෝගී කර ගනිමින් ඇතැම් පිරිස් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු පවසනවා.

ජාතික ගීය මුවාවෙන් ඇතැම් පිරිස් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවට චෝදනා කරමින් ප්‍රසංග ප්‍රනාන්දු සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටු කර ගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවයි.

ජාතිවාදය මතින් හෝ බලයට පැමිණීමට ඇතැම් කණ්ඩායම් සිදු කරන උත්සාහයන් අතර විටින් විට ජාතිවාදය ඇවිලවීමේ කටයුතු සිදු වන බවටයි ඔහු චෝදනා කළේ.

එවැනි කුමන්ත්‍රණ පිළිබඳ සොයා බලා පරීක්ෂණ ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔවුන් සඳහන් කළා.