29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදළදා මාළිගයේ තේවා කටයුතු අස්ගිරි පාර්ශ්වයෙන් මල්වතු පාර්ශ්වයට

දළදා මාළිගයේ තේවා කටයුතු අස්ගිරි පාර්ශ්වයෙන් මල්වතු පාර්ශ්වයට

ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් සිදුකරන තේවා කටයුතු අස්ගිරි පාර්ශ්වයෙන්, මල්වතු පාර්ශ්වය වෙත පවරා තිබේ.

අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) මෙලෙස තේවා කටයුතු මල්වතු පාර්ශවය වෙත පවරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව ඊයේ (02) සිට එළඹෙන ඇසළ පුන් පොහෝ දිනය තෙක් මල්වතු මහා විහාරයේ මහනායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් තේවාවන් සිදුකරනු ඇති.

අතීතයේ සිටම ශ්‍රී දළදා සමිඳුන්ගේ තේවා කටයුතු මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි මහා සංඝරත්නය වෙත පැවරී තිබූ අතර වසරක් පාසා මහා විහාර ද්විත්වය විසින් මෙම තේවා කටයුතු සිදුකරනු ලබයි.