― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂන ඒකකය සමත්වුණා.

මෝදර ප්‍රදේශයේ තිබු ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගැනුනා. එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබූ ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබී සොයාගෙන තිබේ.

ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු සුදු ලූණු විශාල ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. අලෙවි කරන බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සදහන් කර තිබුණේ නැහැ. ආහාර තොග ගබඩාවට මුද්‍රා තැබු පාරිභෝගික අධිකාරිය සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබුවා.