― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමත්ද්‍රව්‍යවලට යොමුව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමේ අවස්ථාව

මත්ද්‍රව්‍යවලට යොමුව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමේ අවස්ථාව

නව පනත යටතේ, මත් ද්‍රව්‍යවලට යොමුව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමේ අවස්ථාව ලැබෙන බව බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී තවදුරටත් අදහස් පළ කළ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, මෙරට තුළ යුද්ධය අවසන් වු පසු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් දොළොස් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ බවයි.

තව ද, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් යහපත් පුද්ගලයින් ලෙස පුනරුත්ථාපනය කිරීම කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් සිදු කළ අතර එසේ මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට සමාජය පිළි ගන්නා යහපත් පුරවැසියන් ලෙස සමාජගතවීම සදහා පුහුණුවීම් ඔවුන්ට ලබා දෙන බවත්, ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබදව පුහුණුව, වෘත්තිය පාඨමාලා පිළිබදව පුහුණුව ලබාදී පසුව සහතික ලබාදීම සිදු කරන බවත් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඊට අමතරව බැකෝ යන්ත්‍ර, ඩෝසර් යන්ත්‍ර පිළිබඳව පුහුණුවීම් ලබා දී විදේශ රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව ලබා දී තිබෙන අතර, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ විශේෂ පුහුණුව ලබා ගැනීමේ හැකියාව ලබා දෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ පුනරුත්ථාපනය වන පුද්ගයින්ගේ සැගවුනු කලා කුසලතා එළි දැක්වීම වෙනුවෙන් ද වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.

පුනරත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ වව්නියාව, කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කර තිබෙන බවත්, මේ වන විට ඒවායෙහි හයසීයකට වැඩි පිරිසක් පුනරුත්ථාපනය වන බවත්, 2013 සිට 2023 දක්වා කාලය තුළ මත් ද්‍රව්‍ය සදහා යොමු වු පුද්ගලයින් අට දහසකට වඩා වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත යටතේ පුනරුත්ථාපනයෙන් ඔබ්බට පුද්ගලයින් යොමු කිරීම යටතේ, නව පනතේ විධිවිධාන මෙම වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින පුද්ගලයින්ට ස්වේඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය විය හැකියි.

පුනරත්ථාපන කොමසාරිස් තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, “මේ වන තෙක් මත් ද්‍රව්‍ය සදහා යොමු ව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් නව පනත යටතේ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා තිබෙනවා. ඒ අනුව ඒ සදහා ද අවශ්‍ය පහසුකම් ඉදිරියේදී සපයනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා , රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න මැතිතුමා සහ අමාත්‍යාංශයේ ලේකම්තුමිය තම කාර්යාංශයේ කටයුතු සාර්ථකව සිදු කිරීම සදහා උපරිම සහයෝගය ලබා දෙනවා”

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක, හර්ෂ බී.අබේකෝන්, බ්‍රිගේඩියර් දුලිත් පෙරේරා, කර්නල් අරුණ දේශප්‍රිය, මේජර් සතින්ද්‍ර සිරිවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.