― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමිහින්තලේ විදුලිය විසන්ධි කිරීම හෙළා දකිනවා - විපක්ෂ නායක

මිහින්තලේ විදුලිය විසන්ධි කිරීම හෙළා දකිනවා – විපක්ෂ නායක

මිහින්තලා පුද බිමේ විදුලිය විසන්ධි කිරීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ අදාළ විදුලි බිල ගෙවා දැමීමේ වගකීම සමගි බෞද්ධ උපදේශක කමිටුව තීරණය කර ඇති බවයි.

මිහින්තලා පුද බිම අන්ධකාරය කරා ගෙන යාමට රජය දරන උත්සාහය පරාජය කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

මිහින්තලා පුදබිම අඳුරේ තැබීමට ඉඩ නොතබා ජනාධිපති අරමුදලින් හෝ බුද්ධ ශාසන අරමුදලින් විදුලි බිල පියවීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මිහින්තලා රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත්තේ ගෙවීමට ඇති හිඟ විදුලි බිල් මෙතෙක් නොගෙවීම හේතුවෙන්.

රුපියල් ලක්ෂ 41කට ආසන්න මුදලක් විහාරස්ථානයේ විදුලි බිල ලෙස ගෙවීමට ඇති බවටයි වාර්තා වන්නේ.

මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සඳහන් කළේ පූජා භූමිය සඳහා රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් එවා ඇති අතර මේ තුළින් රටේ බෞද්ධ ජනතාවට මරු පහරක් එල්ල වී ඇති බවයි.