― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරෝද දෙකෙන් වැඩ දැමූ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට

රෝද දෙකෙන් වැඩ දැමූ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට

අනතුරුදායක ලෙස ත්‍රීරෝද රථ ධාවනය කර එහි දර්ශන සමාජ මාධ්‍යට මුදාහරිනු ලැබූ තරුණයන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර තරුණයක් දෙදෙනා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ දෙකක් ධාවනය කර එහි දර්ශන පටිගත කර සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Tik tok සමාජ මාධ්‍යයේ පැවති මෙම වීඩියෝ පටය ත්‍රී රෝද රථය ධාවනය කළ තරුණයන් විසින්ම සමාජ මාධ්‍යට එක් කර තිබූ එකක් බව සඳහන්. එහි දර්ශන ලබා ගැනීමෙන් අනතුරුව එම ත්‍රී රෝද රථවල ලියාපදිංචි අංක ඔස්සේ විමර්ශනයක් සිදු කර ත්‍රීරෝද රථ දෙක සහ තරුණයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 20 සහ 30 වයස්වල පසුවන ඔවුන් දෙදෙනා හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව අන්තරාදායක ලෙස ත්‍රී රෝද රථ ධාවනය කිරීම යන චෝදනාව යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නියමිතයි.