― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවවුනියාවේ සියලු රැඳවියන් එන්නත්කරණයට

වවුනියාවේ සියලු රැඳවියන් එන්නත්කරණයට

වවුනියාව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 400කට ආසන්න පිරිසකට එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

වවුනියාව බන්ධනාගාරයේදී වසූරිය වැළඳුනු රෝගීන් 06 දෙනෙකු හමුවීමත් සමඟයි රැඳවියන් මෙලෙස එන්නත්කරණයට ලක් කර ඇත්තේ.

මෙම රෝගීන් හය දෙනා වසූරිය වැනි බෝවන රෝගයකට ගොදුරු වී සිටි අතර මෙ වනතෙක් එම රෝගය කුමක්දැයි නිශ්චිතව හදුනාගෙන නොමැත.

ඒ අනුව සිරකරුවන් සියලුදෙනාම එන්නත්කරණයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. බන්ධනාගාර බලධාරීන් විසින් රෝගය වැලඳුණු රෝගි සිරකරුවන් හය දෙනා වෙනමත් අනෙක් සිරකරුවන් වෙනමත් රඳවා තැබීමට තීරණය කොට ඇති අතර සිරකරුවන් හා බාහිර පුද්ගලයින් අතර සියලු සබඳතා වැළැක්වෙන ආකාරයට වවුනියාව බන්ධනාගාරය අගෝස්තු මස 15 වැනිදා දක්වා සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.