― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalශ්‍රී ලංකාවට සහය දෙන්නැයි ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්තයේ ශ්‍රී ලාංකීය...

ශ්‍රී ලංකාවට සහය දෙන්නැයි ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්තයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය පිටුදැකීම සදහා සිය දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදී.

නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර හමුවක් පසුගියදා (28) ඕක්ලන්ඩ් හිදී පැවැත්වූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සදහන් කළේ මව්බිම මේ මොහොතේ මුහුණ දී තිබෙන අසීරු තත්ත්වයෙන් මිදීම සදහා සහයෝගය ලබා දෙන ලෙසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද අදහස් දැක්වූ සභාපතිනිය පැවසුවේ සිය සංසදය විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගෙන් සමන්විත වුවද පොදු අරමුණු වෙනුවෙන් එක්ව පෙනී සිටින බවයි.

නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර්ස් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටි අතර මෙම චාරිකාව සඳහා නවසීලන්තය තෝරා ගැනීම පිළිබද ඇය සිය සතුට පළ කළාය. විශේෂයෙන් කාන්තා දේශපාලන නියෝජනය සඳහා වඩාත් හිතකර ව්‍යුහයන් සහ අවකාශයන් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් නවසීලන්තය තුළ පැවතීම සහ එරට කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයක් ලැබීම මගින් ශ්‍රී ලංකාව තුළ එම යහ භාවිතයන් ස්ථාපිත කිරීමට මෙරට මන්ත්‍රීවරියන්ට හැකිවනු ඇති බවද වෝල්ටර්ස් මහත්මිය සදහන් කළාය.

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් අදහස් පළ කළ අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහය මව්රටට අවශ්‍ය බැවින් ඒ සදහා කිසියම් හෝ දායකත්වයක් සපයන ලෙසයි. මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගරු රෝහිණි විජේරත්න මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් කිරීමට දායක වන ලෙසයි.

ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, ගරු සීතා අරඹේපොල, ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු (නීතිඥ) පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු ගීතා සමන්මලී කුමාරසිංහ, ගරු (නීතිඥ) තලතා අතුකෝරල, ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු මංජුලා දිසානායක, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමණාකාරිනි නිම්මි හාතියල්දෙනිය යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් මෙම අධ්‍යයන සංචාරය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය කෙරිණි.