මෙරට විශ්වවිද්‍යාල තුළ විශාල වශයෙන් බුද්ධිගලනයක් සිදුවෙමින් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසනවා.
පසුගිය මාස 06 තුළ පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600ක් පමණ විශ්වවිද්‍යාල හැර ගොස් ඇති බවයි එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා සඳහන් කළේ.
ඒ හේතුවෙන් ඇතැම් පීඨ පවත්වාගෙන යෑම පිළිබඳ ගැටලු මතුවී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.