― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දීය මහ කොමසාරිස් - කථානායක හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් – කථානායක හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවී තිබෙනවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමු වූ කරුණු පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී කථානායකවරයාට කරුණු දැක් වූ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන ආර්ථික සහයෝගීතාව තහවුරු කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ද මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. එසේම මෙම සංචාරයේදී දෙරට අතර බලශක්ති, අධ්‍යාපන, ඩිජිටල් තාක්ෂණ ආදි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි බාග්ලේ කථානායකවරයාට දන්වා සිටියේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගීතාවයට ස්තූතිය පළ කළ කථානායකවරයා මෙරටට ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව සතුට පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග හමුවක් කැඳවන ලෙස ඉල්ලා සිටි ඉන්දීය මහ කොමසාරිස්වරයා එහි සාමාජිකයින් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා.

දෙරට අතර හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි මහකොමසාරිස්වරයා කියාසිටියේ.