31.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙහෙළියට ඉල්ලා අස්වෙන්නැයි කී පුවත බොරුවක්

කෙහෙළියට ඉල්ලා අස්වෙන්නැයි කී පුවත බොරුවක්

තමාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි කිසිවකු නොපැවසූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගත් ගැටලු සඳහා පිළියම් යෙදීමට තමන් පියවර ගනිමින් සිටින බවත් ලබා දී ඇති වගකීමෙන් ඉවත් වීමට තමාගේ අදහසක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බව මේ දිනවල නොයෙක් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.