26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල ගාස්තුවටත් නව සූත්‍රයක්

ජල ගාස්තුවටත් නව සූත්‍රයක්

ඉදිරි මාස කිහිපය තුළ යළිත් ජල ගාස්තු සමාලෝචනය කිරීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඉදිරියේදී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් ද හඳුන්වා දීමට නියමිත බවයි අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර සඳහන් කළේ.

ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ජල ගාස්තු සංශෝධනය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය කටයුතුවලට විශාල පීඩනයක් එල්ල කර ඇති සාධක කිහිපයක් මත සිදුවූවක් බවයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බව මෙවර සිදුවූ ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.