25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම තහනම්

ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම තහනම්

ශ්‍රී ලංකාව තුළ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට කිලෝමීටර් 05ක වපසරියකින් යුතු ප්‍රදේශය තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් යැවීම සපුරා තහනම් බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකාවේ කටුනායක, රත්මලාන, මත්තල, යාපනය සහ මඩකලපුව යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එබැවින් මෙම ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් යැවීම තුලින් ගුවන් යානාවලට බලපෑම් ඇති වී ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ජීවිත සහ දේපළ ද අවදානමකට ලක් විය හැකි බවටයි සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.

මෙම දැනුවත් කිරීමට නොසලකා හරිමින් එරෙහිව මෙම ප්‍රදේශ තුළ සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් යැවීම සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව පවතින නීති රාමුව තුළ නීතිමය පියවර ගන්නා බව ද ගුවන් තොටුපොළ සමාගම වැඩිදුරටත් දැනුම් දෙනවා.