23.9 C
Colombo
Tuesday, November 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ගේ මංගල්ලෙට වීරකැටිය නිවසේ විදුලි බිල ලක්ෂ 26ක්

නාමල්ගේ මංගල්ලෙට වීරකැටිය නිවසේ විදුලි බිල ලක්ෂ 26ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වීරකැටිය නිවසේ පැවැත්වූඋ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය සඳහා සවි කළ ආරක්ෂක පහන් සඳහා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුදල රුපියල් 26,82,246.57ක මුදල ගෙවා නොමැති බව අනාවරණය වී තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට යොමුකළ ප්‍රශ්නයකට
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ විසිනුයි මේ බව හෙළිදරවු කර අත්තේ.

එහි දැක්වෙන්නේ වීරකැටිය මහින්ද රාජපක්ෂගේ නිවසේ 2019.09.12 දින සිට 2019.09.15 දක්වා පැමිණෙන බැවින් ආරක්ෂක පහන් සවිකරන ලෙස ඉල්ලා තිබූ බවත් ඒ සඳහා ලංවිමට ගෙවිය යුතු ලක්ෂ 26ක විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බවත්ය.