― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalපරණ දේශපාලනයට මගෙන් ඉඩක් නැහැ - ජනපති

පරණ දේශපාලනයට මගෙන් ඉඩක් නැහැ – ජනපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නැවැත්විය හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව පමණක් බවත් පරණ දේශපාලනය ගේන්න තමා ඉඩනොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද (04) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

“අද මේ රට බංකොළොත් වෙලා තියෙන්නේ. කෙසේ හෝ මේ ආණ්ඩුවට වාසනාව ලැබිලා තියෙනවා මේ රට කරගෙන යන්න. ඉස්සෙල්ලා තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන්න. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටුව සාකච්ඡා කළා. සියලු දෙනාම පක්ෂ භේදයෙන් තොරව වැඩකටයුතු කළා. අවාසනාවකට හැමෝගෙන්ම ඒ සහයෝගය ලැබෙන්නේ නෑ. කුඩා කණ්ඩායම් සමහර පක්ෂ බලනවා මේක නැති කරන්න. පාරට බැහැලා විශාල සංවිධානයක් ඇති කරන්න උත්සාහ කළා. ඒත් ජනතාව එක පිළිගත්තේ නෑ. දැන් බලනවා උසාවි ගිහින් තහනම් නියෝග අරගන්න. ඒ අය බලන්නේ තමන්ගේ දේශපාලන අරමුණකට උසාවිය යොදවා ගන්න. අද මේ කරන වැඩකටයුත්ත නැවතුණොත් සතියක් යන්න කලින් බැංකු කඩාවැටෙනවා. මේක නවත්වන්න ගියොත් විදේශ රටවල් අපිත් එක්ක ගනුදෙනු කරන්නේ නෑ. මේක නවත්වන්නේ පාර්ලිමේන්තුව කිවුවොත් විතරයි. මොකද බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ බලය පාර්ලිමේන්තුවේ තියෙනවා නම් වෙන කාගෙන්වත් උපදෙස් ගන්න බැහැ. නියෝග ගන්න බෑ. ඒ නිසා උවමනා නැති ප්‍රශ්න ඇතිකරන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා. ඒ වගේම මේ පරණ දේශපාලනයෙන් රටක් දියුණු කරන්න බෑ. පරණ දේශපාලනයෙන් අපි නැතිවුණා. පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.”