― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාර්ලිමේන්තුව ලබන 08 වනදා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 08 වනදා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 08 වනදා සිට 11 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2023 ජූලි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවයි ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරන්නේ.

ඒ, අනුව 2023 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය ලබන 08 වනදා පැවැත්වෙන වෙන අතර, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන 09 වනදා විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම ලබන 08 වනදා “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ ආර්ථික ගැටලු” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

අගෝස්තු මස 11 වැනි සිකුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබෙනවා.