29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම් සබඳතාවෙන් කලකිරුණු දැරිය දිවි හැර යයි

පෙම් සබඳතාවෙන් කලකිරුණු දැරිය දිවි හැර යයි

පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳවැටීම හේතුවෙන් කලකිරී මෙම දැරිය සියදිවි හානි කරගෙන ඇති බවයි.

උස්ගල සියඹලන්ගමුව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය සති කිහිපයකට ඉහතදී තරුණයකු සමග නිවසට නොදන්වා පළාගොස් ඇති අතර පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන මෙම සිසුවිය පරිවාස භාරයට පත් කර තිබේ.

නැවතත් දැරිය නිවසට පැමිණි පසුවයි මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ.

මීගලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.