32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වෛද්‍යවරයා අවධාවරණය කළේ.

කෙසේනමුත් මතුව ඇති ඉන්සියුලින් හිඟය හේතුවෙන් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් ඉන්සියුලින් ආනයනයට පියවර ගනිමින් ඇති බවත් හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.

ලබන සැප්තැම්බර් මාසයේදී එම තොග මෙරටට ලැබීමට නියමිතය.