― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලක්ෂ 10ක කප්පම් ඉල්ලූ අනියම් බිරිඳට වැඩ වරදී

ලක්ෂ 10ක කප්පම් ඉල්ලූ අනියම් බිරිඳට වැඩ වරදී

තමන් සමඟ ඇති අනියම් සබඳතාව නීත්‍යනුකූල බිරිඳට පවසනවැයි රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලූ කාන්තාව හා එම කාන්තාවගේ අනියම් සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව පුරුෂයාට තර්ජනය කර ඇත්තේ තමන් සමග තිබෙන අනියම් සම්බන්ධතාවය ගුරුවරියක වූ ඔහුගේ බිරිඳට පවසන බව කියමිනි.

පාදුක්ක වටරැක සෝමරත්න මාවත ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව ඇයගේ දරුවෙකු අමතර පංතියක් සදහා හෝමාගම ගොඩගමවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික ගුරැවරියකගේ නිවසකට යැවීමට කටයුතු කර ඇති අතර එහිදී එම ගුරුවරියරිගේ සැමියා සමග කතබහ කර ඔහුගේ දුරකතන අංකය සැකකාර කාන්තාව විසින් ලබා ගෙන තිබේ.

පසුව ගුරුවරියට හොර රහසේ සැකකාර කාන්තාව විසින් එම ගුරුවරියගේ සැමියා සමග කතාබහ කර දෙදෙනා අතර අනියම් සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇති බවත් පසුව ඇයගේ සැමියාගේ උපදෙස් මත එම දුරකතන සංවාද තුළදී කතාබහ කරන සියලු දේ සැකකාර කාන්තාව විසින් පටිගත කර තබාගෙන තිබූ බවත් අනාවරණය වී තිබේ.

පසුව සැකකාර කාන්තාව තමන්ට ලක්ෂ 10ක මුදල් ලබා නොදුනහොත් තමා සමග කතාබහ කළ සියලු හඩපට ගුරුවරයාගේ බිරිඳට ලබාදෙන පවසා තර්ජනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

බියට පත් ගුරුවරයා කප්පම් මුදල ලෙස ඉල්ලූ ලක්ෂ දහයක මුදලින් කොටසක් ලබා දී ඇති අතර මීගොඩ පොලිසියටද මේ පිළිබඳව පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව මොහු පොලීසියේ උපදෙස් මත අදාල කප්පම් මුදලෙහි තවත් කොටසක් ලබා ගැනීම දීම සඳහා පැමිණෙන ලෙස සැකකාර කාන්තාවට දැනුම් දී ඇත. ඒ අනුව සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා ගොඩගම ප්‍රදේශයට පැමිණ අදාළ ඉතිරි මුදල ලබා ගැනීමට කටයුතු කළ අවස්ථාවේදීයි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.