26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනඅලි පහර දීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වනඅලි පහර දීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

බුත්තල, ගෝනගංආර, කෝන්කැටිය ප්‍රදේශයේ සිදු වූ වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව වගාකර අත්හැර දමා තිබූ කුඹුරක ගොයම් කරල් කපමින් සිටිය දී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වන අලියා පැමිණෙන බවට අවට සිටි පිරිස් කෑගසා ඇති නමුත් අදාළ කාන්තාව ශ්‍රවණ ආබාධයකින් පසුවීම හේතුවෙන් එම ශබ්දය ඇසී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර වන අලි ප්‍රහාරයෙන් කාන්තාව ජීවිතක්ෂයට පත්වීමත් සමඟ බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගය හරස්කොට ප්‍රදේශවාසීන් විසින් අද (04) පෙරවරුවේ උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.