― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසරක් පුරා නැදුන්ගමුවේ රාජා අධිශීතකරණයේ

වසරක් පුරා නැදුන්ගමුවේ රාජා අධිශීතකරණයේ

පසුගිය වරේ ජීවිතක්ෂයට පත් වූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ චර්මය වසරකුත් මාස හතරක් තිස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධිශිතකරණයක තැන්පත් කර තැබීමට සිදුව ඇත.

සංරක්ෂණය කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෑසුවේ.

පසුගිය වසරේ මාර්තු මස 7 වැනිදා ජීවිතක්ෂයට පත් වූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ දේහයෙන් මාර්තු මස 16 වැනිදා චර්මය ඉවත් කරනු ලැබුවේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය​යේ කරඬුව වැඩම කරවීමට දායක වූ මෙම හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට තීරණය කිරීමෙන් පසුවයි.

හස්තියාගේ සංරක්ෂණ කටයුතු සඳහා දළදා මාළිගාවෙන් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක පමණ මුදලක් සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව රුපියල් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් ද මේ වන විට වැය කර ඇත. ඊට අමතරව දෙපාර්තමේන්තු වියදම් සඳහා තවත් රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න මුදලක් දළදා මාලිගාවෙන් ලබා දී තිබේ.

කෙසේනමුත් මෙම සංරක්ෂණ කටයුති සිදු කිරීමට ඇති ප්‍රමාදය නිසා හස්ති චර්මයේ ගුණාත්මකභාවය කෙරෙහි ද අවදානමක් පවතින බවයි කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනූජා සමරසිංහ පැවසුවේ.