26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීමට නව යෙදුමක්

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීමට නව යෙදුමක්

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසිනුයි මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ව්‍යාජ නිෂ්පාදන වැළැක්වීම සඳහා මත්පැන් බෝතල් සඳහා ආරක්‍ෂක ස්ටිකර් හඳුන්වා දී ඇතත් තවමත් ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් වෙළෙඳ පොළේ භාවිත වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

එසේම ව්‍යාජ ස්ටිකර් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත්
පසුගිය අයවැයෙන් බදු වැඩිකිරීම් ඇතුළු කරුණු කිහිපයක් මත්පැන් ආදායම පහළ වැටීමට හේතු වූ බව මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දී ඇත.

මිල වැඩි කිරීමට පෙර ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම අවශ්‍ය බවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.