― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිද්‍යා පීඨවලට නව සිසුන් බඳවා ගැනීම අගෝස්තු 10 සිට

විද්‍යා පීඨවලට නව සිසුන් බඳවා ගැනීම අගෝස්තු 10 සිට

විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නියමිත නව ශික්ෂණලාභීන් ලියාපදිංචි කිරීම 2023 අගෝස්තු 10 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ පිළිබඳව පීඨාධිපතිවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

එමෙන්ම විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු 2024 ජනවාරි මස සිට අදාළ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

මීට අමතරව විද්‍යාපීඨවල පවත්නා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ගැටලු විසඳා ගැනීමට ලෝක බැංකුවේ ‘GEM’ ව්‍යාපෘතිය සමඟ සාකච්ඡා කර හදිසි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබාගැනීමටද කටයුතු කර ඇති බව සඳහන්.