26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන නීතිපතිගෙන් යෝජනාවක්

විදුහල්පති පුරප්පාඩු පිරවීම ගැන නීතිපතිගෙන් යෝජනාවක්

රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දන්වා සිටියා.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ නව පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් අද කැඳවූ අවස්ථාවේදී යි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් සමථයක් යෝජනා කළ හැකි බව සඳහන් කළා.

ඒ අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම සඳහා නව අයදුම්පත් කැඳවා විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ පත්වීම් සිදු කිරීමට තීරණය කර ඇති බවයි ඔහු කියාසිටියේ.

එම විභාග පැවැත්වීම ලබන වසරේ ජනවාරි මස වන විට සිදුකළ හැකි බව ද අදාළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු ලබන අගෝස්තු මස පමණ වනවිට සිදු කළ හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

මෙම තනතුරු සඳහා පත්වීම් සිදු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් මෙම අවස්ථාවේදී අදාළ පත්වීම් සිදු කළ නොහැකි අතර ලබන වසර වන විට එම කරුණ සමථයකට පත් කිරීමට හැකි බවත් ඔහු පැවසුවා.

එම සමථයට පෙත්සම්කාර පාර්ශ්වයේ ‌නීතිඥවරුන් එකඟතාවය පළ කළා.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් සැප්තැම්බර් මස 14 වැනිදා නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා.