32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටා හා කුඩු සලිඳුගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

හරක් කටා හා කුඩු සලිඳුගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදු කරන විමර්ශනවලදී ඔවුන්ගේ ආධාරකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර හරක් කටාගේ ආධාරකරුවන් දෙදෙනෙකු වන හෙට්ටිගේ ප්‍රියන්ත කුමාර සහ හෙට්ටිආරච්චිගේ ප්‍රසාද් මිතුන් සිටින බවයි පොලිසිය සදහන් කළේ.

හරක් කටා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයක් වන 2022 වසරේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පෙරමුණ කංකානම්ගේ ප්‍රදීප් පේමන්ත ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට අදාළවයි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම පානදුර කේතුමතී රෝහලේ ගිලන්රථ රියදුරුට වෙඩිතබා ඝාතනයට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු සලිදුට චෝදනා එල්ල වී තිබෙන අතර එහි වැඩිදුර විමර්ශනවලදී ඊට අදාළව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙවරාසිගේ අමිල සුධීර ප්‍රනාන්දු නැමැත්තෙක් වන අතර වෙඩි තැබීම සඳහා භාවිත කරන ලද ගිනි අවිය ළඟා තබා ගෙන ඇත්තේ මොහු විසින් බවයි අනාවරණය වී ඇත්තේ.