― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsෆවුසිගේ අල්ලස් නඩුව කල් යයි

ෆවුසිගේ අල්ලස් නඩුව කල් යයි

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට විදේශයකින් ලබා දුන් වාහනයක් අවභාවිතා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්.එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 06 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී විත්තිකාර ෆවුසි අධිකරණය හමුවේ පෙනී සිටි අතර දෙපාර්ශවයේ නීතිඥවරු විසින් පිලිගැනීම් ඉදිරිපත් කළා.

අනතුරුව නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 06 වනදා කැඳවන ලෙසටයි නියෝග කෙරුණේ.

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් වාහනයක් සිය පුද්ගලික පරිහරණය සදහා යොදා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.