28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews04කට දිවි අහිමි වූ තඹුත්තේගම රිය අනතුර

04කට දිවි අහිමි වූ තඹුත්තේගම රිය අනතුර

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ අද (04) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙක් මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේ දී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් 08 දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී ඉන් 04 දෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

ඔවුන් වයස අවුරුදු 36, 43 සහ 46 යන වයස්වල පසුවන්නන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අය බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. වෑන් රථයේ රියදුරුගේ අධික වේගය හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.