25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews04කට දිවි අහිමි වූ තඹුත්තේගම රිය අනතුර

04කට දිවි අහිමි වූ තඹුත්තේගම රිය අනතුර

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ අද (04) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙක් මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේ දී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් 08 දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී ඉන් 04 දෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

ඔවුන් වයස අවුරුදු 36, 43 සහ 46 යන වයස්වල පසුවන්නන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අය බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. වෑන් රථයේ රියදුරුගේ අධික වේගය හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.