23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2024දී බිත්තර හා කුකුල් මස් සහන මිලට

2024දී බිත්තර හා කුකුල් මස් සහන මිලට

ලබන වසරේ සිට මෙම වසරට වඩා සහන මිලකට බිත්තර සහ කුකුළු මස් පාරිභෝහිකයින් වෙත ලැබෙන බවට තමන් විශ්වස කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පේරාදෙණිය පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් විදෙස් ආයෝජන දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ මහා පරිමාණ ආයෝජකයින් දෙදෙනෙක් මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර දියර කිරි කර්මාන්තය සඳහාද ඉන්දියාවේ අමුල් සමාගම මෙරට ආයෝජනය සඳහා කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.