― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකඩුවෙල ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

කඩුවෙල ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

කඩුවෙල අටේ කණුව වැව පාර ප්‍රදේශයේ දී හමු වූ පුද්ගල මල සිරුර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙම සැකකරුවන් 4 දෙනා අධිකරණ නියෝග මත පැය 48ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව පොලිසිය විසින් යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මෙගොඩ කොලොන්නාව පදිංචිකරුවකු, ඔහුගේ බිරිඳ, ත්‍රී රෝද රථ රියදුරෙක් ඇතුළු 4 දෙනෙක්.

ඝාතනයට ලක්ව තිබුණේ ගොතටුව නින්දහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පසිඳු චාමර මධුසංඛ නොහොත් කොට චාමර නැමැත්තෙක්.

සැකකරුවන් තිදෙනා සේවය කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දුන් බවට වූ කරුණක් මත ප්‍රධාන සැකකරු විසින් ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙගොඩ කොලොන්නාවේ පිහිටි තම නිවස වෙත කැඳවා ගෙන ගොස් එහි දින දෙකක් රඳවාගෙන අනෙක් සැකකරුවන් දෙදෙනා සමග එක්ව පහර දී ඝාතනය කර ත්‍රී රෝද රථයකින් කඩුවෙල වැව පාර ප්‍රදේශයට ගෙනැවිත් දමා තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

ඝාතනයට යොදා ගත් බවට සැක කරන හොකී පිත්තක්, කොටස් කිහිපයකට කැඩුණු තිර රෙදි දවටන පොල්ලක් සහ වයරයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම ඝාතනයට ලක් වූ පුද්ගලයා හැඳ සිටි ඇඳුම් කිහිපයක් කුණු ඇලකට විසි කර ඇති බව ද පරීක්ෂණ කටයුතු සිදු කළ නිලධාරීන් මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් නොවූ බවයි.

මෙම ඝාතන සිද්ධියට අදාළ සිදුවීමේ විමර්ශන පිළිබඳ ප්‍රගතිය ලබන 11 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබෙනවා.