27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනවාරියේ සිට ජල බිල්පත නැහැ

ජනවාරියේ සිට ජල බිල්පත නැහැ

2024 වසරේ ජනවාරි මාසයේ සිට ජල පාරිභෝගිකයන්ට හිමිවන මාසික ජල බිල්පත විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවා හරහා ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි ජල පාරිභෝගිකයින්ට ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

එමෙන්ම එළඹෙන ජනවාරි පළමු වනදා ජල පාරිභෝගිකයන් සඳහා ස්ථානීය ගාස්තු අඩු කිරීමේ විද්‍යුත් බිල්පත් සේවාවක් ද හඳුන්වා දීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

මේ අතර විදුලි ගාස්තුව ඇතුළු ජල පිරිපහදුවට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අඩු වුවහොත් ඉදිරි මාස 06 තුළ ජාල ගාස්තු අඩුකළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කළා.