31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදේවාලේ සද්දෙට විරුද්ධ වූ කතකට ගුටි පූජාවක්

දේවාලේ සද්දෙට විරුද්ධ වූ කතකට ගුටි පූජාවක්

දේවාලයකින් නැඟෙන අධික ශබ්දය හේතුවෙන් ඊට විරෝධය පෑ කාන්තාවකට පහර දුන් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසනවා.

ඊයේ (04) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර, මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව, කෝන්වලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

පහර කෑමට ලක්ව ඇති කාන්තාව පදිංචි නිවසට යාබදව තවත් කාන්තාවක් විසින් දේවාලයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

එම දේවාලයෙන් නැඟෙන අධික ශබ්දය ඉවසා ගත නොහැකි බව කියමින් අදාළ කාන්තාව දේවාලය පවත්වාගෙන යන කාන්තාවට විරෝධය පා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී දේවාලය පවත්වා ගෙන යන කාන්තාවගේ පුතා සහ තවත් සිව්දෙනෙකු විසින් තමන්ට පහරදුන් බවයි අදාළ කාන්තාව පැමිණිල්ලක් සිදුකරමින් පොලිසියට පවසා ඇත්තේ.

මෙම පැමිණිල්ලට අනුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් ආණමඩුව පොලීසිය විසින් අත්දන්ගුවට ගෙන තිබෙනවා.