23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමියගිය මවගේ පාංශුකූලයට වඩින්න විහාරාධිපති හාමුදුරුවෝ 24,000ක් ඉල්ලලා

මියගිය මවගේ පාංශුකූලයට වඩින්න විහාරාධිපති හාමුදුරුවෝ 24,000ක් ඉල්ලලා

මියගිය 66 වියැති හත්දරු තම මවගේ පාංශුකූල කටයුතු ලබාදීමට, ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් රුපියල් 24,000ක මුදලක් ඉල්ලා සිටින බවට පුතු විසින් පසුගිය දා (02) පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු, පොලිසිය මැදිහත්ව වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා පොලිස් ආරක්ෂාව මැද, මවගේ පාංශුකූල සහ අවසන් කටයුතු සිදුකිරීමේ පුවතක් දිඹුලාගල, අරලගංවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අරලගංවිල, සූරියගල, රුහුණගම ප්‍රදේශයේ පදිංචිව සිටි එන්.පී.දොලි මැණිකේ නමැති කාන්තාව ඉකුත් දෙවනදා මියගොස් තිබෙනවා.

පසුව මවගේ පාංශුකූල කටයුතු කිරීමට ගම්මානයේ විහාරස්ථානයට ගිය පුතුගෙන් විහාරාධිපති ස්වාමින්වහන්සේ,එය සිදුකිරීමට රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එහිදී එම පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකරමින් අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දනුම්වත්කර කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව විහාරාධිපති හිමියන පොලිසියට කැඳවා, එම පවුල පත්ව ඇති අසරණ භාවය පිළිබදව දැනුවත් කළ බවත්, ඉන් පලක් නොවී හෙයින් පොලිසිය මැදිහත් වී කජුවත්ත ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩම කරවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු සිදුකළ බවයි පොලිසිය පවසා සිටියේ.

මෙම පවුල විසින් වසර දෙකකට අධික කාලයක් මවගේ පැවැති රෝගාතුර තත්ත්වය සහ විවිධ අපහසුතා මැද විහාරස්ථානයට දානය ලබාදීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට දඩ මුදලක් වශයෙන් මාසෙකට රුපියල් දහස බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24,000ක මුදලක් ගෙවන ලෙසට ද එම පාංශුකූල ආරාධනාවට ගිය පුතුට විහාරාධිපති ස්වාමින්වහන්සේ මෙලෙස පවසා ඇති බවයි වාර්තා අනාවරණය වුණේ.

මේ අතර අදාළ විහාරාධිපති හිමිනම අවට විහාරස්ථානවලට සහ කජුවත්ත ආරාමයේ විහාරාධිපති ස්වාමිනවහන්සේලාට එම නිවසේ පාංශුකූල වලට සහ අවසන් කටයුතුවලට නොවඩින බවට බලපෑම් කර ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

මේ පිළිබදව කරුණු විමසීමට අදාළ විහාරාධිපති ස්වාමීන්වහන්සේ කිහිපවරක් සම්බන්ධ කරගැනීමට අප ප්‍රාදේශීය වාර්තාකරු උත්සාහ දැරුව ද එය අසාර්ථක වී තිබෙනවා.