26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසර 12ක් අතුරුදන් ව තිබූ බුදු පිළිමය රැස්වෙහෙරෙන් හමුවෙයි

වසර 12ක් අතුරුදන් ව තිබූ බුදු පිළිමය රැස්වෙහෙරෙන් හමුවෙයි

වසර දොළහකට පමණ පෙර සොරකම් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් රැස්වෙහෙර විහාරස්ථානයේ තිබි සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

රුපියල් කෝටි 5කට අධික වටිනාකමින් යුතු මෙම පිළිමය කිලෝග්‍රෑම් 45 ක් බරින් යුක්ත බවද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

පිටකෝට්ටේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ ආචාර්ය පූජ්‍ය හුනපලගම වජිර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත
මෙම විමර්ශන සිදු කළ බව පොලිසිය පවසයි.

මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනවා.