27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට ?

සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට ?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය සුහදතා තානාපතිවරයා වන තෙන්ඩුල්කාර්ගේ භූමිකාවේ අදියරක් ලෙස මෙම ශ්‍රී ලංකාව සංචාරය සිදුවන බවයි වාර්තා වන්නේ.

ලබන සතියේ ඔහු මෙරටට පැමිණ දරුවන් සහ පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක යුනිසෙෆ් වැඩසටහන් නිරීක්ෂණය කිරීමට නියමිතයි.

UNCIEF Sri Lanka ප්‍රකාශ කර ඇත්තේ COVID, ආර්ථික අර්බුදය සහ එහි බලපෑම් රට පුරා සිටින දරුවන්ගේ ජීවිතවලට බලපෑ බවයි. “රට ආර්ථීක ප්‍රකෘතිය කරා ගමන් කරන විට, දරුවන්ගේ අවශ්‍යතා, විශේෂයෙන්ම පෝෂණය සහ අධ්‍යාපනය, දරුවන් සඳහා සහ රට සඳහා අත්තිවාරම් ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වේ,” යනුවෙන් යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සචින් තෙන්ඩුල්කාර් 2013 වසරේ යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ ප්‍රථම කලාපීය සුහද තානාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

“God of Cricket” හෝ “Master Blaster,”ලෙස හඳුන්වන සචින් ටෙන්ඩුල්කාර් යනු මෙතෙක් සිටි විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් ලෙසටයි සැලකෙන්නේ.

ඔහු සෑම විටම UNICEFට අනුව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නිර්භීත සහ උද්‍යෝගිමත් උපදේශකයෙකු ද වනවා.

සචින් මීට පෙර UNICEF ඉන්දියාවේ හොඳ හිත තානාපතිවරයා (Goodwill Ambassador) ලෙසට කටයුතු කළා.

ඔහු ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසට ද කටයුතු කළ අතර යුනිසෙෆ් හරහා සහ සචින් තෙන්ඩුල්කාර් පදනම හරහා ඉන්දියාව තුළ සහ කලාපය පුරා සමාජ සේවා රැසකට ද දායක වී තිබෙනවා.